දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් ඒ අනුව නැහෙනහිර, උතුරු හා උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
නැහෙනහිර, ඌව, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.