අද දින (29) සවස් කාලයේ සිට දිවයියේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඉදිරි පැය 36 පිළිබඳ කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු-මැද පළාතේ මන්නාරම හා හම්බන්හතාට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.