දිවයිනට බලපා ඇති වියළි කාලගුණයේ වෙනසක් අද (25දා) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.