www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (08දා) දිනයේදීත් සමහර ප්‍රදේශවලට පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අද පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා දිවා කාලයේ පැය 05ක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 02යි විනාඩි 30ක් ලෙස විදුලිය කප්පාදු කිරීම සිදු වේ.
මේ අනුව E කලාපයට උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා පැය පහක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපයට සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරනු ලබයි.
F කලාපයට දහවල් 01.00 සිට සවස 06.00 දක්වා පැය පහක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර, එම කලාපයට රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදු වේ.
සෙසු කලාප සඳහා අද දිනයේ පැය තුනක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එය දහවල් කාලයේදී පැය දෙකක් හා රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් සිදු කරනු ලබයි.
ඉන්දික හේවාවිතාරණ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd