විදුලි කප්පාදු කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ හෙට (25දා) දිනයේදී බවත්, මේ අනුව අද (24දා) විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී නොමැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කළහොත් අදාළ කටයුතු සිදුකරන පිරිස්වලට එරෙහිව මහජනතාවට නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට දේශපාලන අධිකාරිය විසින් අද සාකච්ඡා කර තිබෙන බවත්, මේ අනුව අදාළ ඉන්ධන තොග ලැබුණහොත් හෙට දිනයේදීත් විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවත් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා පවසා සිටියේය.
මහජන උපයෝගිතා කොමිසමේ අවසරය නොමැතිව විදුලි කප්පාදු කිරීමක් සිදු කළ නොහැකි බවත්, මීට පෙර විදුලි කප්පාදු කිරීමට අවසර ලබා දී තිබෙන්නේ දින තුනක කාලයකට පමණක් නිසා එම අවසරය මේ වන විට ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.