පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තු පවසයි.
සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු මැද පළාත්වලත් පුත්තලම හා මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.