බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීම හේතුවෙන් අද (10දා) දහවල් 12.11ට ආනමඩුව, දඹුල්ල, බෙල්ලනේවෙන හා කල්කුඩා ප්‍ර දේශවලට හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.