අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සදහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් පවසයි.
අද රාත්‍රී: දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
හෙට :උතුරු , උතුරු-මැද, ඌව, නැනෙනහිර හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප. ව 1.00න් පමණ පසු තැනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.