ඊසාන දග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමදයන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ අනව අද දිනයේදි උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු හා නැහෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය ැ හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.