ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුවේ වසර 45ක කාලය තුළ වසර 43ක්ම අගමැති, කැබිනට් ඇමති හෝ විපක්ෂනායක ලෙස කටයුතු කර ඇති බවත් ඔහු වැපුරූ බීජ වත්මන් පරපුර විසින් භුක්ති විදින බවත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (12දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“එතුමා (ජනපති රනිල් වික්රමසිංහ මහතා) දැන් කියනවා එතුමා දරණ ප්රයන්තනයේ ප්රතිඵල ලැබෙන්නේ අනාගත දරුවන්ට කියලා. මම එතුමට කියන්න කැමතියි, ඔබතුමා පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 45ක්, මේ 45 න් අවුරුදු 43ක් එක්කෝ අගමැති, එක්කෝ කැබිනට් ඇමති, එක්කෝ විපක්ෂනායක.
අද මේ රටේ පරම්පරාව භුක්ති විදින්නේ එතුමා එදා වපුරපු බීජ. ඒ නිසා එතුමා අද වපුරන බීජ අනාගතයේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා පැහැදිලියි. අද මේ රට භුක්ති විදිමින් තියෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ.”