රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බවත් හෙට දිනයේදී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ තීරණය හේතුවෙන් ඇතිව තිබෙන දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් අද දිනයේදී ප්‍රා දේශීය දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කර තිබේ.
භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ නාවලපිටිය, මාතලේ, මහනුවර, මහව, මඩකලපුව වැනි ප්‍රාදේශීය දුම්රිය කිහිපයක් එලෙස අවලංගු කළ ගමන්වාර අතර වේ.
ලබන බදාදා පමණ වන විට කොළඹ, මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පතකළ හැකි වනු ඇති බවද නියෝජ්‍යය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් පවතින රියදුරු හිඟය හේතුවෙන් පසුගිය සිකුරාදා සිට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවි දුම්රියේ ධාවන කටයුතු මේ වනවිටත් නතරකර තිබේ.