පොසොන් පොහෝ දිනය හේතුවෙන් අද දිනයේදී හැකිතාක් දුරට විදුලිය කප්පාදු කිරීමෙන් වැළකී සිටීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
අද දිනයේදී විදුලි ඉල්ලුම අනුව පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ. කෙසේ වෙතත් නිවාඩු දිනයක් හේතුවෙන් අද දිනයේදී විදුලි ඉල්ලුම වැඩකරන දිනයකට සමගාමීව පහළ මට්ටමක පවතී.