වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබු රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් 29 වෙනිදා දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡාවක නිරත වූහ.
මෙහිදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියන් සඳහන් කළේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙසියකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති හෙයින් ඒ සඳහා සහනයක් ලෙසයි.
වසර එකහමාරකට ආසන්න කාලයක් එකතු වී තිබෙන රුපියල් ලක්ෂ 57 ක විදුලි බිලෙන් රුපියල් ලක්ෂය බැගින් මාසිකව වසර පහක් තුළ ගෙවීමට අවශ්‍ය සහනය සලසා දෙනලෙස මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගෙන් රැස්ව සිටි ගරුතර මහ සඟරුවන ඉල්ලීමක් කළහ.
වසර පහක් ඇතුළත රුපියල් ලක්ෂය බැගින් හිඟ මුදල් ගෙවන අතරේ මාසිකව ලැබෙන විදුලි බිල ගෙවීමටද යම් වැඩපිළිවෙලක් සකසා ගන්නා බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියන් මෙහිදී සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කලහ.
හිග මුදලින් මාසිකව රුපියල් ලක්ෂයක මුදල ගෙවන අතරේ මාසිකව ලැබෙන විදුලි බිල ගෙවීමට වැඩපිළිවෙළක් සකසා ගන්නා බවත්, ස්වාමීන්වහන්සේලා වැඩවාසය කරන කුටිවලට වෙනම විදුලි මීටර් සවිකිරීමෙන් වැයවෙන විදුලි ධාරිතාවය අඩු කරගත හැකි බවත්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෝලෝ ක්‍රම මගින් විදුලිය ලබාදීමට රජයේ අවධානය යොමු කරන ලෙසද චේතියා ලංකාර නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
අනතුරුව සිරිපාල ගම්ලත් අමාත්‍යවරයා ඒ සම්බන්ධ විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් රුපියල් ලක්ෂ 57 ක මුදල වසර පහක් ඇතුළත රුපියල් ලක්ෂය බැගින් ගෙවීමේ පදනම මත දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නොමැත ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා විදුලිය නොමැති කමින් පත්ව ඇති අසීරුතා සැලකිල්ලට ගනිමින් රුපියල් ලක්ෂ පනස්හතේ විදුලි බිල වසර පහක් තුළ මාසිකව ගෙවීමේ පදනම මත නැවත දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ඉදිරි දින කීපය ඇතුළත දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සඳහන් කළේය.
විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඒ සම්බන්ධව අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ අදාල නිලධාරීන් 28 වෙනිදා සවස දැනුවත් කරනු ඇති බවද සමරවික්‍රම මහතා මෙහිදි කීවේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට එම සහන ක්‍රමය යටතේ විදුලි ලබාදීමෙන් අනතුරුව ඉදිරියේදී ස්වාමීන්වහන්සේලා වැඩවාසය කරන කුටි සදහා වෙනම විදුලි මීටර් සවි කිරීමෙන් වැයවන විදුලිය අඩුකර ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ වනවිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත දායක, කාරකාදීන්ගෙන් ලැබෙන ආධාර මුදල් අඩු වීමේන් විදුලි බිල් ගෙවා ගැනීමට ආර්ථික අසීරුතා ඇතිවන හෙයින්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෝලෝ ක්‍රම මගින් විදුලි ලබාදීමේ වැඩපිලිවෙලක් හඳුන්වාදෙන ලෙසද සිංහපුර චේතියාලංකාර නාහිමියන් රජයෙන් ඉල්ලීමක් කළහ.
