අද දවස ශ්‍රි ලංකාවාසි ජනතාවට අතිසුවිශේෂ දවසක් - පාලිත
අද දවස ශි‍්‍ර ලංකාවාසි ජනතාවට අතිසුවිශේෂ දවසක් . විධායක කි‍්‍රයාවලිය වාගේම රට සහ අධිකරණ කි‍්‍රයාවලිය මෙම කි‍්‍රයාවලි තුනමත් ඒ වාගේ ම රටට වු ස්වභාවික විපතට සමාන විපතක් එවකට රට පාලනය කල මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කල බව පා.ම. පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
අද පොළොන්නරුවේ පැවති ගොවි හමුවකදි ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
මිට අවුරුදු 14කට පෙර ලංකාවට සුනාමියක් ආවා. එයින් 35.000කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා. ඒ වාගේම අතුරුදහන් වුණා. රටේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ වුණා. මේ දුක දැකපු ලෝකවාසි ජනතාව සහ රටවල්වල නායකයෝ එවකට රට පාලනය කල මහින්ද රාජපක්ෂට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දිමට කටයුතු කලා. මුදල් ලබා දුන්නේ විපතටපත් ජනතාවට උදවි කරන්න කියලා. පාලකයා මොකද කලේ ඔහුගේ පුද්ගලික ගිණුමක් ආරම්භ කලා හෙල්පින් හමිබන්තොට කියලා. ඒ ගිණුමට ආධාර ලැබුණ මුදල් ඔක්කෝම දා ගත්තා. පස්සේ එම මුදල් ඔහුට අවශ්‍ය පරිදි වියදම් කිරිමට පටන් ගත්තා රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් යනුවෙන් ඔහු පැවසීය.
වන්නිකුල පියතිලක

popular news
-
Bandula. Wednesday, 26 December 2018 04:26 PM
ඇමති කමක් නොලැබුන දුකට කියන කවි වත්ද? නෑ නේද.
Reply : 0 24
fghfgghfh Wednesday, 26 December 2018 04:47 PM
මේ මිනිහා කියන්නේ බොරු. එවකට රටේ නායිකාව චන්ද්‍රිකා. එකම බොරුව නැවත නැවතත් කියන කොට අහගෙන ඉන්න අය හිතන්නේ ඇත්ත කියල. ගොබෙල්ස් නියාය. සත්‍යවාදී
Reply : 0 3
Champa Wednesday, 26 December 2018 06:29 PM
දැන් රංගේ බණ්ඩාර කියන මේ කොටස නැවත කියවමු, හොඳද. රංගේත් මේක ආපහු කියවන්න. "මුදල් ලබා දුන්නේ විපතටපත් ජනතාවට උදවි කරන්න කියලා. පාලකයා මොකද කලේ ඔහුගේ පුද්ගලික ගිණුමක් ආරම්භ කලා හෙල්පින් හමිබන්තොට කියලා. ඒ ගිණුමට ආධාර ලැබුණ මුදල් ඔක්කෝම දා ගත්තා. පස්සේ එම මුදල් ඔහුට අවශ්‍ය පරිදි වියදම් කිරිමට පටන් ගත්තා රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින්." ගිණුමට නම දැම්මේ "හෙල්පින් හම්බන්තොට" කියලා නම්, කොහොමද ඒක පුද්ගලික ගිණුමක් වෙන්නේ? ඔන්න "මහින්ද රාජපක්ෂ ගිණුම" කියල නම දැම්ම නම් ඒක පුද්ගලික ගිණුමක් කියලා කියන්න පුළුවන්. මේකේ පිළිගන්න අනිත් කතාව තමයි, හිටපු ජනාධිපතිතුමා මේ මුදල් "වියදම්" කරපු බව. කොහෙවත් කියල නැහැනේ ඒ මුදල් තමන්ගේ සුඛ විහරණයට තියා ගත්ත කළා කියලා. අනිත් එක හම්බන්තොට කියන්නේ සුනාමියෙන් විපතට පත් පලාතක්. එහෙ මිනිස්සුන් වෙනුවෙන් ලැබුණු ආධාර මුදල් "වියදම්" කරපු එක වැරදි කියලද කියන්නේ? අනික මොනවාද උල්ලංඝනය කරපු රාජ්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති? දැන් රංගේ ඕක කියන්න පොලොන්නරුවටම ගියේ මොකොද? ලොක්කගේ රාජධානියට ගිහින් මහින්දට මඩ ගැහැව්වොත් නොදීපු ඇමතිකම දෙනවා කිව්වද?
Reply : 0 5
Lal Wednesday, 26 December 2018 07:45 PM
මේ හලෝ,වීදුරු ගෙවල්වල ඉදගෙන ගල්ගහාන්න එපා හරිද.
Reply : 0 6
Bandula. Thursday, 27 December 2018 10:10 AM
ඇමති කට්ට නැති දුකට දැන් කවි කියවෙනවා,
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
