සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුගෝලීය තත්ත්වයන් පවතින බැවින්, ඒ සමග ඇති විය හැකි තද සුළං සහා ප්‍රබල අකුණු මාඟින් සිදු වන අන්යතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයෙදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.