බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල මෙන්ම මාතර දිස්ික්කවලත් ඇතැම්ස්ථානවලට මි.මී. 100 කා පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍ර දේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළංඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.