ඕනෑම විමර්ශන කටයුත්තකට තමන් ඇතුළු පවුලේ සියලු දෙනා පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසය.
" සංවිධානාත්මක අපරාධ නතර කරන්න ඕන. කන්ටේනර් පන්නලා අපෙන් අහනවානම් මේ ආණ්ඩුව තව මොකටද? එන්න කියන ඕනම වෙලාවක අපි එන්නම්. මම අම්මා තාත්තා අර බල්ලා වුණත් ඕනෑම වෙලාවක ගෙනත් දෙන්නම්. හැබැයි ඔබ ජනතාවට වුණ පොරොන්දුව ඉටුකරන්න.මේවට ගෙනල්ලා බය කරලා අපේ කටවල් වහන්න බෑ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න දේශපාලන ක්‍රියාදාමයට පොලීසිය ගාව ගන්නවා. අදත් මම කියනවා, හෙටත් මම කියනවා. අපේ අත්වල ලේ නෑ. "