මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළේය.
මධ්‍යම පළතේ හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් මෙවර මැතිවරණයේදී තනි පක්ෂයක ලෙස තරග කරන බවත් අනෙකුත් සියලු පක්ෂ ඉදිරිපත් වන්නේ සන්ධානවලින් බවත් කී සරත් ඒකනායක මහතා මෙවර මැතිවරණයෙන් ශ්‍රිලනිප ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද මෙහිදී කිය.
මහනුවර දිස්ත්‍රික්කයට මහ නගර සභාවක් නගර සභා හතරක් සහ ප්‍රාදේශීය සභා 17 ක් ඇතුළුව පළාත් පාලන ආයතන 22 ක් ඇතුලත් වෙයි. ශ්‍රීලනිප ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවට හිටපු පළාත් ආමත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා සමඟ පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මොහොමඩ් ආශික්