දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගඟේ තිබි අද (30දා) හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මහවැලි ගඟේ තිබි මෙසේ හමුවුයේ නාවලපිටිය ගෝනාවල පතන ප්‍රදේශයේ පදිංචි නිරංජලා දමයන්ති නැමති (38) හැවිරිදි දෙදරු මවගේ සිරුරයි.
මිය ගිය දෙදරු මව ඉකුත් (27දා) නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සිය මව බැලිමට යන බව පවසා නිවසින් බැහැර වි ඇති බවත්, නැවත ඇය නිවසට නොපැමිණි නිසා පවුලේ ඥාතින් මේ පිලිබදව නාවලපිටිය පොලිසිය පැමිණිල්ලක් කර ඇත.
මහවැලි ගඟේ නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාදුනන කාන්තා මල සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගැනිමෙන් පසු එය අතුරුදහන්ව සිටි කාන්තාවගේ සිරුර බව ඥාතින් විසින් හදුනාගෙන ඇත.
මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසුවියක් බවත්, ඇය මව අතුරුදහන් වු දින සහ සිරුර හමු වු දිනයෙත් විභාගය සදහා පෙනි සිටිමට ගොස් ඇති බවයි ඥාතින් පවසන්නේ.
ගොඩගත් සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් නයනානන්ද අලුත්ගමගේ මහතා ස්ථාන මහෙස්ත්‍රාත් පරික්ෂාව සිදු කිරිමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නාවලපිටිය පොලිසියට නියෝග කලහ.

