අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු යමින් සිටි එක් දින කුඩාධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනාගෙ සිරුරු අද(29) ඉරිදාඋදෑසන බෙන්තොට වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අළුත්ගම කලුවා මෝදර දේවාල පාරප්රදේශයේ පදිංචිව සිටි නම්මුනිකංකානම්ගේ රවින්ද්‍ර නදුන් කුමාර (රංග)46 සහ ඔහුගේ සහෝදරයා වන නම්මුනිකම්කානම්ගේ දුමින්ද ජගත් කුමාර(සුදු)43 යන සොහොයුරන් දෙදෙනෙකි.
මෙසේ අතුරුදහන් රවින්ද්‍ර නදුන් කුමාර විවාහක දරු තිදෙනෙකුගේපියෙක් වන අතර ඔහුගේ සොයුරා දුමින්ද ජගත් කුමාරද විවාහක දරු දෙදෙනකු සිටින අයෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා සුපුරුදු පරිදි සෙනසුරාදා උදෑසන හයට පමණ අලුත්ගම මොරගල්ල වෙරළල තීරයේන් එම කුඩා බෝට්ටුව පණ ගන්වා දියඹට යෑමට සැරසෙනවාත් සමගම වෙරළ තීරයේ සිට මීටර් 500ත් 400 ක් අතර දී බෝට්ටුව පදිමින්සිටි රවින්ද්රනදුන් ගේ සොහොයුරාවන දුමින්ද ජගත් කුමාර එම අවස්ථාවේ මුහුදේ තිබුණු කැළඹිලි ස්වභාවයත් සමග බොට්ටුවෙන් මුහුදට වැටී තිබියදී ක්‍රියාත්මක අති දක්ෂ පිහිනුම්කරුවෙකු වූ රවින්ද්‍ර නදුන් තම සොහොයුරාව බේරා ගැනීමට කටයුතු කිරීමේදී මෙසේ මුහුදේ එම අවස්ථාවේ තවදුරටත් තිබූ බව කියන කැලඹිලි ස්වභාවයත් සමඟ දෙදෙනාම අතුරුදහන් වන්නටඇති බව එම අවස්ථාවේ වෙරළට පැමිණි පවුලේ ඥාතීන් පැවසීය.
සොයුරන්දෙදෙනා ඔවුනගේ බෝට්ටුවෙන් මසුන් ඇල්ලීමටදියැබට යෑමට පිටත් වන අවස්ථාවේ බාලපුත්රයාද එම ගමනට එක්වීමට පැමිණියද ඔහුව තම පියා වන රවින්ද්රනදුන් එම අවස්ථාවේ රැගෙන නොයෑමද දෙවියන් වැළකා ඇතැයි වෙරළේ සිටි බොහෝ දෙනකු පැවසීය.
බෙන්කොට වෙරළට ගොඩ ගසා ඇති ධීවරයන් දෙදෙනාගේ සිරුරු දෙක පිළිබඳ බෙන්තොට හදිසි මරණ පරීක්ෂක කුමාරසිරි මහතාගේ මූලික මරණ පරීක්ෂණයෙන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරුකළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බව බෙන්තොටපොලිසිය පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


