දින හතරකට ඉහතදී අතුරුදන් වූ මහරගම නගර සභාවේ සේවය කළ විශ්රාමික කම්කරු හෝමාගම කැන්ඳලන්ද ප්රදේශයේ වතුර වලකට වැටී අභිරහස් ලෙස මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි
මළ සිරුර හමුවන විට මුහුණ හා හිස ප්රදේශය ට බරපතල තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය රුක්මලේ පදිංචිව සිටි පොරගේ මිල්ටන් පෙරේරා (62) දෙදරුපියකි
මල සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථනයක් සහ බුලත් බහා තිබූ මල්ලක් පොලිස් භාරයට ගෙන ඇත
තම එළවළු කොටුව ආසන්නයේ වතුර වලක මළ සිරුරක් තිබෙන බවට එළවළු කොටුවේ හිමිකරු පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව මළසිරුර සොයාගෙන ඇත
මියගිය පුද්ගලයා බුලත් විට වෙළඳාමේ යෙදෙන අතර ඉකුත් 4 වෙනි ඉරු දින බුලත් විට රැගෙන කොට්ටාව නගරයට පැමිණී ඇති අතර ඉන් අනතුරුව නිවසට නොපැමිණි බවට දියණිය විසින් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි
මීයගිය පුද්ගලයා මෙම ප්රදේශයට පැමිණියේ කුමන කාරණාවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලිස් නිලධාරියෙක් පැවසීය
මියගිය අය කොට කලිසම් අඳින පුද්ගලයෙකු බවත් මළ සිරුර හමුවන අවස්ථාවේදී උඩුකයට ටී ෂර්ට් එකක් සහ යට ඇඳුම පමණක් තිබූ බවද දර්ශනයක් සිදු කරන පොලිස් නිලධාරියකු පැවසීය.
මල සිරුර හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව
හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි