අතුරුදන්ව සිටි ඊශ්‍රායෙල් සංචාරිකාව සොයා ගනියි
ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන් ගැන සිටියදී අතුරුදහන්ව සිට සිටි ඊශ්‍රායල් ජාතික තරුණිය දින තුනකට පසුව ඊයේ (29) පස්වරුවේ සාම්පල්තිව් වෙරළේ ගල්තලාවක් මත වැටී සිටියදී සොයා ගැනීමට නිරුපද්‍රිතව සොයාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ සමත්ව ඇත. මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුනි.
ඉකුත් 20 දා ලංකාවේ සංචාරයකට පැමිණී මෙම තරුණිය විසි දෙවෙනිදා ත්‍රිකුණාමලයට පැමිණ නවාතැන්පොළේ නවාතැන් ගැන සිටියදී ඉකුත් 26 දා මෙසේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම නවාතැන්පොලේ අයිතිකරු උප්පුවේලි පොලීසියට පැමිණිලි කර තිබුණි.
සීරීම් තුවාල සහිතව විදේශීය තරුණියක් සාම්බල්තිව් වෙරළේ ගල්තලාවක් මත වැටී සිටින බවටත් ලද තොරතුරු අනුව පොලිසිය සොයාගත් මෙම තරුණිය ත්‍රිකුණාමලය රෝහල් ඇතුළත් කර තිබේ .සිද්ධිය සම්බන්ධයෙන් භාෂා පරිවර්තක සහාය ඇතිව ටාමාර් අම්ටායි (Tamar Amtai) නැමැති 25 හැවිරිදි මෙම තරුණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට උප්පුවේලි පොලීසිය කටයුතු සූදානම් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
