හෝමාගම ප්රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්රදේශයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටී "අතුරුගිරියේ ජෙරම්" නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සිටී අංගොඩ ලොක්කාගේ ප්රධාන ගෝලයෙකු බව ද විශේෂ කාර්ය බලකායේ පවසයි.
මොහු අතුරුගිරිය නගරයේ රැදි සිටින බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අතුරුගිරිය පොලීසියට බාර දී ඇත.
ඉන්දිකා රාමනායක