පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් ගෙන්වා ඇති බවත් ඒ අනුව සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවත් පාර්ලිමේ්නතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඉදිරියේදී වී අතිරික්තයක් ඇතිවන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.3ක් බවත් මේ අනුව ලංකාවට ගෙන්වා ඇති සහල් ප්‍රමාණය මාස 5කට ප්‍රමාණවත් බවද ඔහු පැවැසීය.
අස්වැන්න වැඩිවීම නිසා ඉදිරියේදී වී අතිරික්තයක් එන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ඔහු පැවැසීය.
එයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කළේ වී අතිරික්තය එන්නේ අස්වැන්න වැඩිවීම නිසා බව සඳහන් කළේය.
එසේනම් පසුගිය කාලයේ සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ආනයනය කළේ මන්දැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය.