අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කරමින් පනවා ඇති තහනම තවදුරටත් දිර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ. මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
රට තුළ පවතින සීමිත විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තිරණය ගෙන තිබේ. ඇපල් දොඩම්, මිදි, චීස්,බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයනික තහනම පනවනු ලැබ ඇත.