අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්රයන් විශේෂ කාණ්ඩයක් ලෙස සලකා, ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(23දා) පැවැති ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත්‍ර සැප්තැම්බර් පළමු සතියේ සිට හඳුන්වාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.