අත්‍යවශ්‍ය ආහාර සඳහා දුන් ඉන්දීය ණයවලින් ගෙන්වන්නේ වානේද?
- වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්?
ඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත්, ශ්‍රී ලංකාව මෙම අරමුදල් ඉන්දියාවෙන් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
මෙම ණය පහසුකමෙන් දැනටමත් ඇ.ඩො. මිලියන 250ක මුදලක් වැයකර ඇති අතර, ඉතිරි මිලියන 750න් කොටසක් මෙසේ වානේ ආනයනය සඳහා යෙදවීමට නියමිත බව කියැවේ. රටට ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන, LP ගෑස් සහ විදේශ විනිමය පවා අත්‍යවශ්‍යව පවතින අවස්ථාවක මෙම පියවර ගැන ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකු කනස්සල්ල පළ කර ඇත.
රටෙහි දරුණුතම ආර්ථික පසුබෑම මධ්‍යයේ වුවද දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම නොවෙනස්ව තබා ගැනීමට සහ එහි ව්‍යාපාරික අවශ්‍යතා සජීවීව පවත්වාගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙම අමතර ණය පහසුකම ලබා දී ඇතැයි කියවෙයි. දුෂ්කර කාලසීමාව තුළද මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමේ මුවාවෙන් මෙම වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බවටද අනාවරණය වේ.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ දැනට ක්‍රියාත්මක වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වානේ මිලදී ගැනීම සඳහා ණය මාර්ගයෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා ඉන්දීය රාජ්‍ය බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා තිබිණි.
මහීෂා චන්ද්‍රගුප්ත
popular news
-
LGPJ Monday, 02 May 2022 06:32 AM
Steel wanted some persons: Poor innocent people are not trying eat Steel but they want food items .Hasty foolish decisions are not suitable in this issue. INDIA will laugh for these affairs surely.
Reply : 0 0
Deepal Nirosh Monday, 02 May 2022 10:08 AM
මේ කියන විදිහට ආණ්ඩුව ගෙනියන්නෙ ජනාධිපතිතුමා පත් කරපු නව ඇමති මණ්වලය ද නැතිනම් ඉල්ලා අස්වුණු හිටපු ඇමති මණ්ඩලය ද? හැබැයි ආර්ථික සංවර්ධන හා මූල්‍ය රීති අනුව රටකට ආහාර, ඖෂධ, ඉන්ධන යනාදියට වඩා සංවර්ධනය වැදගත් බව ඇත්ත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

