ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්රදේශයේ මුහුදු තීරයේ අත්හැර දමා තිබූ ධීවර යාත්රාවක කාන්තා මෘත ශරීරයක් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 24 ක් වූ රත්මලාන ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය සැකසහිත ලෙස මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.