යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කෙත්පේලි ප්‍රදේශයේ ඉඩමක් එලිපෙහෙලි කරමින් සිටි අයෙකුට අත්බෝම්බ 36 ක් අඩංගු පෙට්ටියක් ඊයේ (22දා) හමු වී ඇතැයි පොලීසිය පවසයි.
කෙත්වේලි මධ්‍යම ප්‍රදේශයේ පිහිටි අදාල හිස් ඉඩම රාසයියා ඉලංගෝන් නැමති නීතීඥවරයා විසින් බැකො යන්ත්‍රයක් ආධාරයෙන් එලිපෙහෙලි කරමින් සිටින අතරතුරදී පොළව යට වළලා තිබූ පෙට්ටියක් මතුවී එය පරික්ෂා කිරීමේදී එහි බෝම්බ ඇති බව දැන ඒ පිළිබඳව වහාම කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට කොඩිකාමම් පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී එහි අඩංගු කොට තිබූ අත්බෝම්බ 36 ක් සොයගෙන ඇති අතර එම බෝම්බ පෙට්ටිය දැඩි දිරාපත්වීම හේතුවෙන් යුද සමයේදී කොටි ත්‍රස්ත සාමාජිකයින් විසින් මතු ප්‍රයෝජනය සඳහා මෙම ස්ථානයේ වලදමන්නට ඇතැයි පොලීසිය සැකපල කොට සිටියහ.
සොයාගත් අත්බොම්බ තොගය පොලිස් නිලධාරීන් විසින් රැගෙන යාමට කටයුතු යෙදූ අතර එම බෝම්බ අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරට පැවසීය.
