අත්බෝම්බ 176ක් මුලතිව් වලින් හමුවෙයි
මුලතිව් මුල්ලිවයික්කාල් ප්රදේශයේ ප්රජාශාලාවක් ආසන්නයේ වලදමා තිබූ අත්බෝම්බ 176 ක් ඊයේ (02දා) සොයාගත් බව මුලතිව් පොලීසිය පැවසීය.
මුල්ලිවයික්කාල්හි ප්රජාශාලාවකට යාබදව පිහිටි ඉඩමේ හිමිකරු ඉඩම එලි පෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ අත්බෝම්බ කිහිපයක් දැක ඒ පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දෙනු ලැබීය.
අනතුරුව මුලතිව් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද වැඩිදුර කැනීම් වලදී එහි වලදමා තිබූ අත්බෝම්බ 176 ක ප්රමාණයක් ගොඩගැනීමට සමත් විය.
ගොඩට ගත් අදාල අත්බෝම්බ දැඩි ලෙසින් දිරාපත්ව තිබූ අතරම යුද සමයේදී කොටි ත්රස්ත සංවිධානය විසින් අත්බෝම්බ මෙම ස්නථායේ වලදමා පලා යන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.
සොයාගත් අත්බෝම්බ තොගය පිලිබඳව මුලතිව් මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී මහෙස්ත්රාත් නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇති අදාල අත්බෝම්බ නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

