පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් සමග නාරාහේන්පිටදී මේ මස ජනවාරි 01 දා අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යාමට අදාළව එම කාර්යාංශයේ නිලධාරීන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින අතරදී ඇතිව සිදුවීමක මත සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබුණ අතර එහිදී ඔහු මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුව විසින් සිදුකරනු ලැබීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 41ක් වූ තෙල්වත්තේ පදිංචිව සිට නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ සහකාර කළමණාකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිිරිපත් කරන ලෙස මාලිගාකන්ද අධිකරණය කළ නියෝගයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේය.
මෙසේ අත්අඩංගුවට පත් පිරස අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 7 දෙනෙක් සිටියි.