ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකට හවස් යාමයේ පැන අසූදෙහැවිරිදි විවාහක ගෙහිමි කත බලහත්කාරයෙන් අතවරය කළේ යයි වරදකරුවකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (9) පස්වරුවේදී නියෝග කළේය.
මෙසේ සිර දඩුවම් හා දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ ඌරගස්මංහන්දිය කුඩා ඌරගහ වාඩියවත්ත පදිංචි තොම්මයාහකුරු චන්දන කුමාර නොහොත් එබුවා නමැත්තාටය.
මේ නියෝගය ලැබෙන විට විත්තිකරුගෙන් අතවරයට ලක්වූ අසූදෙහැවිරිදි කාන්තාව මිය ගොස් වසර තුනක් ඉක්වම ගොස් තිබෙන බවද මහාධිකරණයේදී අනාවරණය විය.
2012 පෙබරාවාරි මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු ඌරගස්මංහන්දිය රන්තොටුවිල පදිංචි අසූ දෙහැවිරිදි විවාහක ගෙහිමි කාන්තාව පමණක් නිවසේ රැදී සිටියදී එම නිවසට පැන ඇයව බලහත්කාරයෙන් අතවරය කළේ යැයි කියමින් ඌරගස්මංහන්දිය පොලීසිය විසිඅට හැවිරිදි විත්තිකරුට එරෙහිව නඩු පවරන ලදි.
වසර 11 ක දීර්ඝ නඩු විභාගයකින් පසු අසූ දෙහැවිරිදි කත විත්තිකරු අතින් අතවරයට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්තා මගින් හා ලැබූ සාක්ෂි මගින් සැකයකින් තොරව ඔප්පුවේ යයි තීරනය කළ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විත්තිකරුට බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙසත් නියෝග කළේය.
ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කොට තිබූ නඩුව රජයේ අධිනීතීඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය හා හිරුණි අල්මේදා මෙනවිය විසින් මෙහෙයවූ අතර ඌරගස්මන්හංදිය පොලීසියේ මහා අධිකරණ කටයුතු භාරව කටයුතු කරන උප පොලිස් පරීක්ෂක කේ.එම්.ජී.ප්‍රසන්න මහතා ඊට සහාය විය.