ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතී.එම පද්ධතිය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වලාකුළින් බරව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල හා මාතර දිස්ත්රික්ක්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.