අඩු ආදායම්ලාභීන් සඳහා බිලියන 200ක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු.10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.
රටේ පවතින ආර්ථික අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
ගණන්ෆේල් ගණකාදිරන් Monday, 04 July 2022 03:12 AM
ලංකාවෙ ජනගහනය මිලියන 22 k පමණ. රු බිලියන් 200ක්, රු 7500 බැගින් පවුලකට බෙදනවා නම් බිලියන් 200 බෙදීම 7500 කියන්නෙ පවුල් මිලියන 26 කට වඩා ඉන්න ඕනැ. රු 10000 ගානෙ පවුලකට බෙදුවොත් පවුල් මිලියන් 20 කට බෙදනවා. රටේ ජනගහනයම මිලියන් 22 යි නම් ඔක්කොම පවුල් ඉන්නෙ මිලියන 5.5 (පවුලකට 4 දෙන බැගින් ඇස්තමේන්තු කළොත්). ඉතින් යකෝ "පවුල්" මිලියන 20-26 ක් හොයන්නෙ කොහොම ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

