නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මගින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 158 ණය ආධාර ලබාදී ඇති අතර, එමගින් මේ වනවිට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4074ක් ඉදිකිරීමේ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව කොළඹ නාරාහේන්පිට, කොළඹගේ මාවතේ නිවාස 624ක්, ස්ටේඩියම් ගම නිවාස 1000ක්, ඇපල්වත්ත නිවාස 700ක්,ෆර්ගසන් රෝඩ් නිවාස 750ක්, මාදම්පිටිය නිවාස 700ක්,ඔබේසේකරපුර නිවාස 300ක් මේ වනවිට ඉදිකරමින් පවතී.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම මහල් නිවාස සංකීර්ණ හයෙහි ඉදිකිරීම් කටයුතු විවිධ අදියරවල පවතින බවයි. එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය 2019 වසරේදී ආරම්භ කළහ. ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව සමඟ අත්සන් තබා ඇති ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය 2025 වසරේදී අවසන් කිරීමට නියමිතය. නමුත් කොරෝනා වයිරස ව්‍යාප්තිය, රටතුළ පැවැති අරගලකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සමයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යම් තරමකට නතරව තිබුණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය දැක්වීමේ ව්‍යාපෘතිය ලෙස අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම මහල් නිවාස සංකීර්ණ හයෙහි ඉදිකිරීම් කටයුතු මෙන්ම සැලසුම් සකස් කිරීම, අධීක්ෂණය වැනි සියල්ලම සිදුකරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. එමෙන්ම ව්‍යාපෘතියට අදාළ කටයුතු සියල්ලම කළමනාකරණය කිරීමට ව්‍යාපෘති කළමණාකරන ඒකකයක්ද ස්ථාපිත කර ඇත.