හාලිඇල ඌව දීගල්ල ප්රදේශයේ නිවසක ගෙවත්තේ වගාකර තිබූ අඩි 15 ක් පමණ උස ගංජා ගසක් සමඟ සැකකරුවෙකු හාලිඇල පොලීසිය ඊයේ (13) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල ඌව දීගල්ල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුගේ ගෙවත්තේ මානා පඳුරු අතරේ කුඩා බැරල් භාගයක වගාකර තිබූ මෙම ගංජා ගස සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හාලිඇල- විජේරත්න රත්නායක
