අතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරය ලඟට එද්දී තත්පර කීපයක් තුල පැකට් කරන ලද දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහල යෑමේ සිද්ධියක් දකින්නට ලැබිණි .
මාධ්යවේදීයෙකුද වන පාරිභෝගිකයෙක් සීනි කිලෝ දෙකක් මිලට ගැනිමට එම සතොස ට අද සවස (23 )සවස ගිය අවස්තාවේදී මෙය සිදුවිය.
පාරිභෝගිකයා සතොස ට ගොස් කිලෝ එකක් බර දුඹුරු සීනි පැකට්ටු දෙකක් අතට ගෙන සේවකයෙකුගෙන් මිල විමසු විට ඔහු පැවසුවේ මිල පැකට්ටුවේ ගසා ඇති බවයි.ඔහු කී පරිදි පැකට්ටුවේ රුපියල් 350 ලෙස සඳහන් කර තිබිණි.
ඒ අනුව පාරිභෝගිකයා සීනි පැකට් දෙක මුදල් ගෙවීමේ කවුන්ටරයට ඉදිරිපත් කල අවස්තාවේ එහි මුදල් අයකැමිවරිය වහා වෙනත් නිලධාරියෙකු හමුවට ගොස් ආපසු පැමිණ අද සීනි කිලෝවක මිල රුපියක් 385 දක්වා ඉහල ගොස් ඇති බව පැවසුවාය. ඒ අනුව පාරිභෝගිකයට රුපියල් 770 ක් ගෙවීමට සිදුවිය.
ජේ.ඉඳුරුවගේ
