අඩසිය වසකට පසු කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ යෝජිත සැලසුමට අනුව මායිම් කණු යෙදීම මෙවනවිට කුරුවිට ප්රදේශයේ සිදුකරණු ලබයි.
රත්නපුර ඕපනායක දක්වා ධාවනය වු කැළණිවැලි දුම්රිය මාර්ගය සමගි පෙරමුණු ආණ්ඩු සමයේ අවසාන භාගයේ 1976දී අවිස්සාවේල්ලට සීමා විය. මගී තදබදය අවම කිරිම සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගය ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත 2020 දී ගුවන් දුම්රිය මාර්ගයක් ලෙස කොළඹ සිට කොට්ටාව දක්වා සංවර්ධනය කිරිමට යෝජිත විය.
මෙම මාර්ගය පටු මාපක හෙවත් අඩි දෙකයි අඟල් හයකින් පළල දුම්රිය මාර්ගයකි. වර්තමානයේ අවිස්සාවේල්ල දක්වා වු මාර්ගය පුලුල් මාපක හෙවත් අඩි පහයි අඟල් හයකින් පළ මාර්ගයක් ලෙස සංවර්ධනය කර ඇත. යෝජිත කැළවැලි දුම්රිය මාර්ගය ද අඩි පහයි අඟල් හයකින් යුතු පුලුල් මාපක මාර්ගයක් බව රජයේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අවිස්සාවේල්ලෙන් ඉදිරියට ගැටහැත්ත, ඇහැළියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, වටාපොත, කහවත්ත හරහා ඕපනායක දක්වා පැරණි කැළණිවැලි දුම්රිය ගමන කළේය. 1912දී රත්නපුර දක්වා දුම්රිය ධාවනය ආරම්භ විය. 1919දී ඕපනායක දක්වා මාර්ගය දීර්ඝ කෙරුණි.
පැය විසිහතරක කාලයක දැනුම් දීමකදී ඉවත්වීමේ එකඟතාව මත මේ වනවිට අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වු පැරණි දුම්රිය මාර්ගය තාවකාලිකව බදු දී ඇත.
දුම්රිය මායිම් කණු යෙදීමේදී ඇතැම් ස්ථාන වලදී ප්රධාන මාර්ග ද දුම්රිය රක්ෂිතයේ පිහිටා ඇති බව පෙනේ.