අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදී සිදු කෙරිණි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය.
1953 වසරේ උපත ලද පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේදී අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් විය.