ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද (25දා) සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.