දකුණු පළාත තුළ පසුගිය ජුනිමස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුල තුවක්කුකරුවන්ගේ වෙඩි තැබිම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවත් තව සති 06ක් යනවිට දිනන්නේ පොලිසියද අපරාධකරුවන්ද කියා බලාගත හැකි බැව් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ආයුධ අරගෙන සැරිසැරිමට මෙන්ම මේ අයුරින් පුද්ගලයින් ඝාතනය කිරිමට අපරාධකරුවන්ට කිසිදු අයුරකින් ඉඩනොදෙන බවත් ඉදිරි සති හය තුල මේ අපරාධකරුවන්ට එරෙහිව නිතියේ විදාන පරිදි කටයුතු කරන බවත් ඒ අභියෝගය බාරගැනිමට පොලිසිය සුදානම් බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
156 වැනි පොලිස් දිනය නිමිත්තෙන් දකුණු පළාත් පොලිස් දින සැමරුමට එක්වෙමින් දකුණු පළාත්භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේය. ගාල්ල කොටුපවුර ඉදිරිපිට පැවති මෙකි සමරු උත්සවයේ දි අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා මෙසේද කිවේය.
“දකුණු පළාතේ පසුගිය ජුනිමස වැනි දින01 සිට මේ දක්වා කාලය තුල තුවක්කු කරුවන් විසින් වෙඩිතැබිම්වලින් පුද්ගලයින් 13 නෛකු මාරුවට පත්වුනා මින් සිද්ධින් 04ක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුනා. එක සිද්ධියක් ඌරගහ ප්‍රදේශයෙන් හා තවත් සිද්ධියක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තාවුනා. අහංගම ප්‍රදේශයෙන් සිද්ධින් 02ක් වාර්තා වුනා. රත්ගම ප්‍රදේශයෙන් එක් සිද්ධියක් හා මිද්දෙණිය ප්‍රදේශයෙන් තවත් සිද්ධින් 02ක් වාර්තාවුනා.
තවත්එක් සිද්ධියක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුනා. මේ වනවිට මේ වනවිට සිද්ධින් 04ක අදාලව සම්පුරණ විමර්ශන කටයුතු සිදුකරලා එම අපරධවලට සම්බන්ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන තියෙනවා.ටි 56 ගිණි අවියක් පිස්තෝලයක මේ සියල්ල සොයාගෙන තියෙනවා. ඉතිරි අපරාධ සියල්ලේම සැකකරුවන් හදුනාගෙන තියෙනවා.
මිනිමරුවන් තුවක්කු අතට ගත්තු අපරාධකරුවන් හිතනවානම් අපරාධ කරලා ගැලවිලා ඉන්න පුළුවන් කියලා අපි ඒ අයට මතක් කරනවා කිසිදවසක අපි ඒ සදහා ඉඩ දෙන්නේ නැහැ කියලා.අපිට භාරදුන් ඒ අභියෝගය අපි භාරගන්න සුදානම්. තව සති 06ක් යනවිට බලාගන්න පුළුවන් කවුද දිනන්නේ කියලා.
අපරාධකරුවන්ද අපිද කියලා කිසිම අවස්ථාවක අපි ඉඩ දෙන්නේ නැහැ ආයුධ අරගෙන සැරිසරන්න මේ අයුරින් ඝාතනය කරන්න. ඒ සියලුදේනා හදුනාගෙන තියෙනවා අනුබලදිපු අය හදුනාගෙන තියෙනවා. ඒ සදහා වක්‍රව උදව්කරපු අය හදුනාගෙන තියෙනවා එස්.එමි එස් ගහපු අය හදුනාගෙන තියෙනවා අපරාධකරුවන්ට නවාතැන් දෙන පුද්ගලයින් පවා හදුනාගෙන තියෙනවා ඒ සියල්ලන්ටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරණවා.
කිසිම අපරාධකරුවෙකුට කවදාවත් ස්වාභාවික මරණයක් උරුමවෙලා නැහැ. ඔය නම් සදහන් හැම අපරාධකරුවෙක්ම මියගියේ තිරිසනකු මිය යන අයුරින්. අපරාධකරණ අයටත් අපරාධ කිරිමට සුදානම්වන අයටත් සැලසුම්කරණ අයටත් එක් දෙයක් මතක් කරන්න කැමතියි. ශ්‍රිලංකා පොලිසිය මෙ රටේ නිතිය ක්‍රියාත්මක කරණ ප්‍රමුඛතම ආයතනයයි. මගේ මෙහෙයවිම මත අපරාධකරුවන් කොටුකරගැනිම සදහා දකුණු පළතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
මේ නිසා අපරාධ කරපු හැමකෙනෙකුටම නිතිය අනුව කටුයතු කරනවා ඉදිරි සති හය තුල මේ අපරාධකරුවන්යට නිතියේ විදාන පරිදි කටයුතු කරනවා. ඒ අභියේගය අපි භාරගන්නවා. තුවක්කු අරගෙන පරණ එදිරිවාදිකම් පිරිමහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපරාධයකට වින්දිතයෙකු බවට පත්වුනොත් වින්දිතයන් වෙනුවෙන් කටයුතු කරනවා වගෙම අපරාධකරුවන්ට එරෙහිව අපරාධ යුක්තික්රමය තුල ලබාදිය හැකි උපරිම දඩුවම් ලබාදෙනවා” යැයිද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.