බන්ධනාගාර නිලධාරීන් විසින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කරන ලද සෝදිසියකදී ජංගම දුරකතන 12 ක් සහ තවත් තහනම් ද්‍රව්‍ය කීපයක්ම සොයා ගෙන ඇත.
මෙම සෝදිසියේදී අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 10 ක්, රැඳවියන් දෙදෙනෙකු ළඟ තිබී ජංගම දුරකතන 2 ක්, සිම්පත් 13 ක්, සුරුට්ටු 11 ක්, අයිස් බවට සැකකරන කුඩා පැකට් 8 ක්, හෙරොයින් බවට සැකකරන කුඩා පැකට් 10 ක් සොයා ගෙන තිබේ.
අහංගම සුමතිපාල දීයගහගේ