අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව පරිසර අමාත්යාංශය පවසයි. අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂක අමාත්යාංශ ලේකම්වරයාගේ නියෝග මත මෙම හමුදා කණ්ඩායම පිටත්කර තිබේ.
මේ හරහා අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගනිමින් ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්යාංශය පවසයි.
