ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ , ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 22/23 කණ්ඩායමේ සිසුන් නේවාසික පහසුකම් නොමැතිව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ.
නේවාසික පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින නිසා ඔවුන් ව්‍යවහාරික විද්‍යා පීඨයේ, ආපනශාලාවක රැය ගත කළේය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 125 දෙනෙකු පමණ ආපන ශාලවට වි නිදි වර්ජිතව සිටි අතර පාලනධිකාරිය මෙයට විසදුමක් නොදුන් බව සිසුහු පවසති.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් විශාල පිරිසක් ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් වන අතර එම සිසුන් ගේ පවුල්වල ලොකු ආර්ථිකයක් නොමැතිවිම සහ සමන්තුරේ ප්‍රදේශයෙන් නේවාසික පහසුකම් සොයා ගැනිමට නොහැකිවිම නිසා මේ තත්වය උදාවි ඇති බව සිසුන් පැවසිය.
මෙම වසරේ නවක සිසුන්ට පහසුකම් ලබාදි අනෙක් සිසුන්ටත් නේවාසික පහසුකම් ලබාදිමට හැකිවයාව ඇතත් පාලනධිකාරිය එයට අනුකුලතාවයක් නොදක්වන බවද සිසුන් චෝදනා කරති.



