රටේ වගකිවයුතු අගමැතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව අග්රාමාත්යවරයා ‘මිස්ටර් බීන්’ කෙනෙක් ලෙස හැසිරීම සිදු නොකල යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවසීය.
අග්රමාත්යවරයාගෙන් ප්රශ්න විමසන අවස්ථාවේ අද (06දා) පාර්ලිමේන්තුවේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දැක්වූ ප්රතිචාර පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වර්තමානයේ රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වයන්ට විකල්ප යෝජනා තිබෙන්නේ නම් විපක්ෂයට එම යෝජනා ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බවත්, ඒ අනුව එම යෝජනා පිළිබඳ සාකච්ඡා කළ හැකි බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහිදී පැවසීය.
විසඳුම් ලබා දිය හැකි බවට සඳහන් කරමින් වගකීම භාර ගත් අග්රාමාත්යවරයා වර්ථාමානයේ විසඳුම් නොමැති බවට සඳහන් කරන බවත්, කෙසේ වෙතත් රටේ අර්බුදයන්ට විසඳුම් ලබා දීම ආණ්ඩුවේ වගකීම බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සඳහන් කළේය.