අන්තර්වාර ආණ්ඩුවක අගමැතිධුරය භාර ගැනීමට තමන්ට සූදානමක් නොමැති බවත් අන්තර්වාර ආණ්ඩුවකට නව අගමැතිවරයෙක් පත්විය යුතු බවත් හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතූරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
ආණ්ඩුවට මේ වන විට බහුතරය අහිමි වී ඇති බවත් ඔහු පැවැසීය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟත්වයෙන් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ යුතු බවත් ඔහු පැවැසීය.