අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායකට, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාල සාධණීය කරුණු ඇතුලත් ව්‍යවස්තා සංශෝදනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනුයේ ජනතාවට වගකියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් පිලිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බවයි.
සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව අදාල නිවේදනයේ සඳහන්.