අගමැති කාර්ය මණ්ඩලය හා අගමැතිගේ අමාත්‍යාංශ නිලධාරීන් WFH ක්‍රමයට වැඩ
අග්‍රාමාත්‍ය කාර්යාලෙය් ෙමන්ම තම අමාත්‍යාංශවල නිලධාරීන්ට නිවෙස් සිට රාජකාරී කටයුතු කරන ෙලසට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
සිය ෆේස්බුක් ගිණුමට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි
"අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි.
අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි.
මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.
බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු." යැයි ඔහු වැඩිදුරටත් පවසයි
popular news
-
Nandana Thursday, 31 March 2022 11:55 AM
Rate salli depola horakapu eke prathipala Dan mahajanathawa bukkthi Vidamin sitinawa
Reply : 0 0
samson de silva Friday, 01 April 2022 02:18 AM
Umbata thiyenne "work from home" noweyi "Go home and eat your shit." Rata kaapu paraya. Janathaawa awadiyen daen. Umbeth umbage hora pawuleth awasaanaya langayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

