අගමැති සතු පරිණත නායකත්වය අගය කරනවා
සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප රටේ පරිණත පක්ෂයක් වන නිසා රටේ ඉදිරි ගමන්මගට දැඩි රුකුලක් දෙමින් ඉදිරියට ගමන් කිරිමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ලක්සල වරලත් අලෙවි නියෝජිත ප්රදර්ශනාගාරයක් චීනයේ ආරම්භ කිරීම සදහා වූ ගිවිසුම් අත්සන් තැබීම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පිහිටි ලක්සල ප්රදර්ශනාගාරයේදී සිදු වුණා.
ලක්සල වෙනුවෙන් එහි සභාපති නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චි මහතා සහ සාලාග්ලෝබල් පුද්ගලික සමාගම වෙනුවෙන් අර්ජුන දිසානායක මහතා මෙම ගිවිසුමට අත්සන් කළා.
මෙම ප්‍රදර්ශනාගාරය මගින් පාරම්පරික හස්ත කර්මාන්තකරුවන්ගේ නිර්මාණ, බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, තේ, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන මෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදනද චීනය තුළ ප්‍රවර්ධනයට සැලසුම් කර තිබෙනවා.
-
Deepal Nirosh Friday, 05 November 2021 02:58 AM
ඒ කිව්වෙ අනෙක් අය පරිණත නැහැ කියන එක ද? හැබැයි කතාවනම් ඇත්ත. මේ අග්‍රාමාත්‍යවරයා නිසයි යාන්තම් හරි මේ රජය නො කැඩී ඉදිරියට යන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
