Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 19 වන බදාදා
2025 මාර්තු මස 19 වන බදාදා
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් තමාගේ අගමැති වන්නේ කවුදැයි රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රශ්න කර සිටියේය.
“ලෝකයේ ඕනෑම රටක විධායකයට නායකත්වය දෙන්නේ එක්කෝ ජනාධිපති නැතිනම් අගමැති. අපේ රටේ විතරක් ජනාධිපති සහ අගමැති අතර විධායක බලය බෙදා දීලා. ඒ නිසා රටට හරි යන්න නම් මේ දෙන්නා අයියා මල්ලි වගේ ඉන්න ඕනෑ. මේ දෙන්නා අතර විරසකයක් ඇති වුණොත් රටම එක තැන පල් වෙනවා. පසුගිය වසර පහ පුරා ජනාධිපති සහ අගමැති අතර ගැටුමෙන් රටට සිදුවුණු විනාශය අපි දැක්කා.
මේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා - මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද - ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට සංර්වධනය කළා.
19 වන සංශෝධනයෙන් පස්සේ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම තම අගමැති අපේක්ෂකයා නම් කිරීම අත්‍යාවශ්‍යයි. අපි නම් කළාට සජිත් මැතිතුමා තවම තම අගමැති අපේක්ෂකයා නම් කරලා නෑ. ඒ ගැන මාධ්‍ය ඇහුව්වාම ආඳා වගේ ලිස්සලා යනවා. නමුත් මේක රට දැන ගත යුතු වැදගත් කාරණයක්.
සජිත් මැතිතුමාගේ අගමැති අපේක්ෂකයා වෙන්නේ එතුමා සමග නයි මුගටි වෛරයෙන් පෙලෙන වසර දහයක් පක්ෂ නායකත්වයට ගැටුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද? ජිනීවා වල දී රට පාවා දී ලෝක වර්තාවක් තැබූ මංගල සමරවීර මැතිතුමා ද? බදුපති රවි කරුණානායක මැතිතුමා ද?
සුවපති රාජිත සේනාරත්න මැතිතුමා ද ? සිංගප්පූරුවට රට විකුණූ මලික් සමරවික්‍රම මැතිතුමා ද? මහ බැංකු මංකොල්ලය සිදු කළ හොරෙක් ද? ගල්අඟුරු ගිල්ල මලකඩ කෑ යකඩ මිනිසා ද? විලපත්තුව විනාශ කළ පාස්කු ත්රස්තවාදියා ද? කියන එක ජනතාව දැන ගත යුතුයි. ඒ නිසා තව දුරටත් ලිස්සා යන්නේ නැතුව තම අගමැති අපේක්ෂකයා කවුද කියා රටට කියන මෙන් අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
popular news
dayan Saturday, 05 October 2019 09:56 AM
අගමැති තෝරන්න පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල එන්න එපාය. එතකලට දැන් ඇවිත් තියන මැතිවරණය ගැන බලමු.
Reply : 0 0
sirimal Saturday, 05 October 2019 10:27 AM
දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.
Reply : 0 0
duminda Saturday, 05 October 2019 12:25 PM
ඔබ පවසන දේ සත්‍යයි කිසි දැක්මක් නැති මිනිසකු ජනපති වීම විනාශයකි. ඒවගේම තම නීතියානු කුලව කිසිම දෙයක් නොකළ බවට මැනවින් ඔප්පුවෙන, සියලු ආකාරයෙන්ම තවත් රටක ට බැදීම් තියෙන ඔවුන්ගේ අනිවාර්ය රූකඩයක් වන, පෙර ක්‍රියාවෙන්ම අතිශයෙන්ම සාමාන්‍ය සිංහල ජනතාව ට ඉතාමත් පහත ආකාරයෙන් සත්තුන්ට වගේ සැලකුව කෙනෙක් වුවද මෙරටේ ජනපති වීම මහා විනාශයක්ම වන්නේය .
Reply : 0 0
අමරපාල Saturday, 05 October 2019 03:17 PM
මත්තයො, ඔහේ ඔහේගෙ වැඩක් බලාගන්නගන්න, අනුන්ගේ ගෙවල් වලට පනින්නේ නැතිව. රාජපක්ෂල නැත්නම් ඔහෙලට සොරි තමයි
Reply : 0 3
අමරපාල Saturday, 05 October 2019 03:17 PM
මත්තයො, ඔහේ ඔහේගෙ වැඩක් බලාගන්නගන්න, අනුන්ගේ ගෙවල් වලට පනින්නේ නැතිව. රාජපක්ෂල නැත්නම් ඔහෙලට සොරි තමයි
Reply : 0 2
Pohottuwa Saturday, 05 October 2019 04:12 PM
අගමෙති Gammanpila
Reply : 0 0
ධර්මසේන Saturday, 05 October 2019 06:23 PM
මන්ත්‍රීතුමා උගත් නිතිඥයෙක් යැයි අසා තිබෙනවා.එය ඇත්තනම් අගමැති කවුදැයි සජිත් කිවයුතු බව ඇත්තේ මොන නීති පොතේද කියා පැහැදිලි කර දෙන්න.ඒ නැතත් පක්ෂයේ මහා සමුළුවේදී අගමැති කවුද ඇමතිවරු කවුද කියා ඒකමතිකව තෝරා ගෙන තියෙනවා.විපක්ෂයේ අයට එය අවශ්‍ය නැහැනේ.
Reply : 0 2
Don Sunday, 06 October 2019 10:28 AM
මෙයා තාම කඩේ ගිහිල්ල ඉවර නෑ. ඉස්සෙල්ල කිව්වේ සජිත්ට රනිල්ගෙන් කවදාවත් තරඟ කරන්න අවසර ලැබෙන්නේ නෑ කියල, දැන් අගමැති කෙනෙක් ගැන. මැට්ටෙක්.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd